මෝටර් රථයක් හා ටිපර් රථයක් ගැටී තරුණයින් දෙදෙනෙකු මරුට

අද (15) උදෑසන වැලිගම කප්පරතොටදී මෝටර් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදු වු අනතුරකින් මෝටර් රථයෙහි ගමන් කළ තරුණයින් දෙදෙනා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඔවුන් කොළඹ සිට මාතර දෙසට යන අතරතුරදී මාතර සිට ගාල්ලට වැලි ප්‍රවාහනයකරමින් තිබු ටිපර් රථයක හැපී මෙම අනතුර සිදුවී ඇත.

ටිපර් රථයේ රියදුරු පොලීසිය සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Exit mobile version