ප්‍රදේශ රැසකට අයහපත් කාලගුණික තත්ත්වයක්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය තවදුරටත් දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතී.

දිවයින් පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර මධ්‍යම කඳුකර ප්‍රදේශයේ, විශේෂයෙන් උදය කාලයේ මීදුම් සහිත තත්වයක් පවතිනු ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් පුත්තලම, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාවනවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

Exit mobile version