සාර්ථක සංචාරයකින් පසු ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් යලි දිවයිනට

ඉන්දීය නාවික හමුදාව විසින් පවත්වනු ලබන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක් වන මිලාන් (MILAN) අභ්‍යාසයට සහභාගීවිම සඳහා පසුගිය මාර්තු මස 02 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව පෙරේදා (17) කොළඹ වරායට සේන්දු විය.

එහිදී නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගත් අතර, මෙම ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය සඳහා රටවල් 17 ක් නියෝජනය කරමින් නෞකා 19 ක් සහභාගී විය.

එයට සමගාමීව සංවිධානය කරන ලද සංගීත කන්ඩායම් විවිධ ප්‍රසංග, අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණ, සංගීතමය සන්ධ්‍යාවන්, සංස්කෘතික අංගයන්, ආහාර ප්‍රදර්ශන, Table Top අභ්‍යාසයන්, වනගත චාරිකා, මිලාන් මංගල භෝජන සංග්‍රහය, අන්තර්ජාතික නාවික පාගමන සහ බහු කාර්යය නාවික අභ්‍යාසයන් සඳහා ද නෞකාවන්ගේ කාර්යය මණ්ඩලයන් සහභාගී විය. එහිදී, ‘සාගරික මිත්‍රත්වය තේමා කර ගනිමින් අන්තර් ක්‍රියාකාරිත්වයන්, සමුද්‍රිය යහපැවැත්ම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම මෙන්ම නීතිවිරෝධී මුහුදු ක්‍රියාකාරකම් වලට එරෙහි කටයුතු කිරීම සම්බන්ධ අභ්‍යාසයන් සිදු කෙරිණි.

Exit mobile version