සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවයි

නව වසරේ ආරම්භයත් සමග ලබන මස 03 වන සඳුදා දිනයේ සිට සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට පියවර ගෙන ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන ලෙස ද සියලු කාර්ය මණ්ඩල වෙත රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත.

Exit mobile version