Home විදෙස් පුවත් ජොකොවික් ට ප්‍රංශයේ මීළඟ ග්‍රෑන්ඩ්ස් ලෑම්ෂ් තරගාවලියත් අහිමි වන ලකුණු

ජොකොවික් ට ප්‍රංශයේ මීළඟ ග්‍රෑන්ඩ්ස් ලෑම්ෂ් තරගාවලියත් අහිමි වන ලකුණු

0
ජොකොවික් ට ප්‍රංශයේ මීළඟ ග්‍රෑන්ඩ්ස් ලෑම්ෂ් තරගාවලියත් අහිමි වන ලකුණු

කොවිඩ් එන්නත ලබා නොගත් නිසා ඕස්ට්‍රේලියාවේ වීසා තහනමට ලක් වූ නොවැක් ජොකොවික් සිය රට වෙත ඊයේ දින පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තම රට වෙත පැමිණීමේ දී මෙම සුපිරි ටෙනිස් තරුව ඉතා උණුසුම් ආකාරයෙන් සිය ක්‍රීඩාලෝලීන් පිළිගෙන තිබූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට ප්‍රංශය ජොකොවික් ට රතු එලි දල්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් පවසන්නේ මෙම වසරේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිත මීළඟ ග්‍රෑන්ඩ්ස් ලෑම්ෂ් තරගාවලියට ජොකොවික් සහභාගී වීම පිලිබඳ මේ වන විටත් ගැටළු රැසක් පැන නැගී ඇති බවයි.

ප්‍රංශය ද අවුරුදු 16ට වැඩි පුද්ගලයින්ට එන්නත් කාඩ්පත අනිවාර්ය කර තිබෙනවා.

මේ වන විට එන්නත් කාඩ් පත එරට නව නීතියක් ලෙස හඳුන්වා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නමුත් ප්‍රංශයේ ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ මෙම නව නීතිය වෘත්තීය ක්‍රීඩකයන්ට අදාළ නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version