ලංකා විදුලිබල මණ්ඩලයට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා පත් කර තිබෙනවා‌.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී.සී ප්‍රනාන්දු මහතා විසින් නව පත්වීමට අදාළ ලිපිය අබේසේකර මහතා වෙත පිරිනමා තිබෙනවා.

රොහාන්ත අබේසේකර මහතා විදුලි ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයායි.

ඔහු මීට පෙර අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

Exit mobile version