විදුලි බිල සහ විදුලි පාලනය ඉන්දියාවට යයිද? වෘත්තීය සමිති ප්‍රශ්න කරයි

දැවි තෙල් සහ ඩීසල් ලැබීම හේතුවෙන් අද සහ හෙට දිනත් විදුලිය කැපීමේ අවශ්‍යතාවයක් නැති බව විදුලි බල මණ්ඩලය පවසනවා.

මේ අතර විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සෘජුව ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේ වෙතත් එය මෙරට විදුලිබල කේෂ්ත්‍රයේ බරපතල අර්බුදයක් නිර්මාණය කළ හැකි යෝජනාවලියක් බවටයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ.

එම යෝජනාව තුළින් ඉන්දියාවට විදුලි බිල සහ විදුලි පාලනය තීරණය කිරීමට හැකි වන බව ඔවුන් පෙන්වා දෙනවා.

Exit mobile version