වරුන් ධාවාන්ගේ ඔක්තෝබර්

වරුන් ධාවාන් රඟපාන අලුත්ම චිත්‍රපටිය නම් කර අැත්තේ ඔක්තෝබර් යනුවෙනි. මෙහි ඔහු රඟපාන්නේ වෙනදා රඟ පෑ චරිතවලට වඩා වෙනස්ම චරිතයකි.

“මේක දැක්ක ගමන් ම අාදරයෙන් බැඳෙන, හාදු වැහි වස්සන යුවලකගේ කතාවක් නෙමෙයි.. මම රඟපාන්නේ අාගන්තුක සත්කාර ක්ෂේත්‍රයට පිවිසෙන්න උත්සහ කරන තරුණයෙකුගේ චරිතයක්.. හෝටලේක පුහුණු වීම් කරන අතරතුර අැති වන සිද්ධි තමයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ..” වරුන් පවසයි.

මෙහි ඔහු සමග ප්‍රධාන චරිතය රඟපාන්නේ බනීතා සන්ධුය. බ්‍රිතාන්‍යයේ උපත ලද බනීතා ඒහි නිරූපීකාවක ලෙස කටයුතු කරයි. අැය නිළියක ලෙස දොරට වඩින්නේ මෙම චිත්‍රපටියෙනි.

sourse: saaravita.lk

Exit mobile version