නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත රණරිසි වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් ඊයේ (20) බහුදින ධීවර යාත්‍රාවක සිටි තුවාල ලැබූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකංගනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.
පාවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 225 ක පමණ දුරකදී එම රෝගී ධීවරයා මුර යාත්‍රාව වෙත නංවා ගෙන නිරුපද්‍රිත ලෙස නාවික තඨාකංගනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා ඔහු ත්‍රිකුණාමලය මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.