මහනුවර ප්‍රදේශයේ විනාශයට පත් වූ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරදීමේ ශ්‍රමදානයක්

මහනුවර ප්‍රදේශ කිහිපයක පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී තතත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරදීමේ ශ්‍රමදානයක් සර්ව ආගමික නායකයන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

මේ සඳහා යුධ හමුදා නිලධාරීන් දෙසීයකට අධික පිරිසකගේ සහ කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහයෝගයද ලබා දී තිබුණි.

ඒ අනුව එහි පළමු අදියර ලෙස දිගන, කෙන්ගල්ල ප්‍රදේශයේ හානි වූ දේපල වල සුන්බුන් ඉවත් කිරීම ආරම්භ කරන ලදී.

එහි දෙවන අදියර ලෙස එම දේපල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි.

Exit mobile version