පොහොර ලබාදීම පැරණි ක්‍රමයටම සිදුකරනවා – ගයන්ත කරුණාතිලක මහතා

ඉඩම්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළේ,
පොහොර සඳහා වවුචර් පත් ලබාදීමට වෙනුවට සහන මිලට පොහොර ලබාදීමේ පැරණි ක්‍රමය අනුගමනය කිරීමටත්, හිඟයකින් තොරව පොහොර ලබාදීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි.
ඒ අනුව වී වගාව සඳහා වන පොහොර මිටියක් රුපියල් 500ක සහන මිලකටද, තේ, පොල්, රබර්, ඉඩඉරිඟු ඇතුළු බෝ 04ක් සඳහා වන පොහොර මිටියක් රුපියල් 1500ක මිලකට ද ලබාදෙනු ඇත.
Exit mobile version