ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය 26 වැනි දා සිට විවෘතයි

පැපොල රෝගය ව්‍යාප්ත වීමේ අවදානමකට ලක්වීම නිසා වසා දැමූ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය නැවත මෙම මස 26 වැනි දා විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

දින තුනක් තුළ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල නතරවී සිටින විශ්වවිද්‍යාල සිසුන් 27කට සහ බාහිර විශ්වවිද්‍යාලයට පැමිණෙන සිසුන් 8කට පැපොල රෝගය බෝවීම නිසා විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ඉකුත් 13 වැනි දා වසා දැමිණි.

Exit mobile version