සින්දු ලියන සල්මාන් ඛාන්

ජුනි 15 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත රේමෝ ඩී සුසාගේ ‘රේස්’ චිත්‍රපටයේ පසුබිම් ගීත මේ වන විට නිර්මාණය වෙමින් පවතින බවට තොරතුරු ලැබේ. වාර්තාවන අන්දමට මෙම චිත්‍රපටයේ අැතුලත් ගීතයක් සල්මාන් ඛාන් විසින් රචිත එකක් බවය. සචින් හා ජිගර් දෙදෙනාගේ සංගීතයට සල්මාන් මෙසේ රචනා කොට අැත්තේ අාදරබර ගීතයක් බව සඳහන් වේ.

මෙම ගීතයේ රූපගත කිරීම් කටයුතු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිදු කිරිමට මේ වන විට සැලසුම් කර අැති අතර, මෙහි සල්මාන් හා ජැකලින් ෆර්නැන්ඩෙස් රංගනයෙන් දායක වීමට නියමිතව අැත. ‘රේස්’ තුන්වැනි චිත්‍රපටය සඳහා මෙම ගීතය ද අැතුලත් තවත් පසුබිම් ගායන 6ක් අැතුලත්ව තිබෙන බව සඳහන් වෙයි.

source: saaravita.lk

Exit mobile version