Home දේශීය පුවත් ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කෙරේ

ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කෙරේ

0

රත්නපුර, කුරුවිට පිහිටි ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සහ ප්‍රතිසංස්කරණය කරන ලද සෙසුනිල භෝජනාගාරය, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සුරතින් පෙරේදා (21) දින විවෘත කරනු ලැබීය.

ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් හමුදා සම්ප්‍රදායනුකූලව ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථාන සංචාරය සනිටුහන් කරමින් එම මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කලහ.

තවද යුද්ධ හමුදාධිපතිතුමන්, ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න සමගින් ගැමුණු හේවා රෙජිමේන්තුවේ දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහර පුද කළහ.

මෙම ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රමදායකත්වය සැපයු සියලු නිලයින් අගයමින් විශේෂ සහතික පත්‍රයක් ද මෙහිදි ප්‍රදානය කල අතර උත්සවය අවසානයේ ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය කෘතඥතාව පිරිනමමින් සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version