ගාල්ලේ ධීවරයින් පාරට

ගෑස් හා ඉන්ධන ලබාදෙන ලෙසත් අයිස් මිල අඩු කරන ලෙසත් ඉල්ලා ගාල්ලේ ධීවරයින් විශාල පිරිසක් ගාල්ල නගරයේ අද (01) දහවල් උද්ඝෝෂණයක් පවත්වා ඇත.

පා ගමනින් ගාල්ල නගරය වෙත පැමිණි ධීවරයින් දහසකට ආසන්න පිරිසක් බස් නැවතුම් පොල ඉදිරිපිට සහ පොලිසියේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටදි අවස්ථා දෙකකදි මාතර කොළඹ ප්‍රධාන මාර්ගයද අවහිර කරමින් උද්ඝෝෂණය කිරිම නිසා දැඩි වාහන තදබදයක් ඇතිවු අතර විකල්ප මාර්ග ඔස්සේ වාහන ධානවය කරවිමට පොලිසිය පියවර ගත්තේය.

Exit mobile version