වියට්නාමයේ, හෝචිමින් නුවර ගින්නක් – පුද්ගලයන් 13ක් ජීවිතක්ෂයට

වියට්නාමයේ – හෝචිමින් නුවර මහල් නිවහන් සංකීර්ණයක අද අලූයම ඇති වූ ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බවත්, 27 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගින්න ඇතිව තිබෙන්නේ වියට්නාමයේ ආර්ථික මධ්‍යස්ථානය ලෙස සැලකෙන හෝචිමින් නුවර කැරීනා ප්ලාසා ගොඩනැගිල්ලේයි.

මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 30 ක් සහ ගිනි නිවන භටයන් 200 දෙනෙකු පමණ යොදවා ඇති අතර පැයක් ඇතුළත ගින්න මැඩපැවැත්වීමට හැකිවූ බවයි වියට්නාම බලධාරින් ප්‍රකාශ කළේ ය.

Exit mobile version