ඇෆ්ගනිස්ථානු සුපිරි දඟපන්දු යවන්නා වන රෂීඩ් ඛාන් අන්තර්ජාතික එක්දින පිටියේ වේගයෙන්ම කඩුලු 100 සම්පූර්ණ කළ ක්‍රීඩකයාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් විය.
ඒ ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට පැවැත්වෙන එක්දින තරගාවලියේ බ.ඉ.කොදෙව්වන් සමග ඊයේ (25) පැවති තරගාවලියේ අවසන් මහා තරගයේදී ෂායි හෝප්ගේ කඩුල්ල දවා ගනිමිනි.
රෂීඩ් මෙම කඩඉම පසුකිරීම වෙනුවෙන් තරග 44ක් පමණක් වැය කොට තිබූ අතර, ඒ සමගින්ම තරඟ 52කදී මෙම කඩඉම පසුකර මීට පෙර වාර්තාවට හිමිකම් කියූ ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් දෙවැනි ස්ථානයට පත්විය.