පාර්ලිමේන්තු මාර්ගය වැසේ

පාර්ලිමේන්තු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක් වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇත.

ඒ අනුව දියත උයන මංසන්ධියේ (පොල්දුව මංසන්ධිය) සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත්, ජයන්තිපුර මංසන්ධියේ සිට කියංහෑම් මංසන්ධිය දක්වාත් (ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දක්වා) තිබෙන පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග අද සහ හෙට (06) දෙදින වසා තැබීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

Exit mobile version