Home දේශීය පුවත් ගෝඨා ගෝගම, මයිනා ගෝ ගමට අමතරව හොරු ගෝ ගමත් ඇරඹෙයි

ගෝඨා ගෝගම, මයිනා ගෝ ගමට අමතරව හොරු ගෝ ගමත් ඇරඹෙයි

0
ගෝඨා ගෝගම, මයිනා ගෝ ගමට අමතරව හොරු ගෝ ගමත් ඇරඹෙයි

ගෝඨා ගෝගම, මයිනා ගෝ ගමට අමතරව හොරු ගෝ ගමත් එලියට.

පාර්ලිමේන්තුව අසල හොරු ගෝගම ලෙසින් නව ගම්මානයක් ආරම්භ කිරිමට ඊයේ අන්තර් විශ්වවිද්‍යාල සිසුන් කටයුතු කර තිබෙනවා.

ඔවුන් තව දුරටත් විරෝධතාවයේ නිරත වෙනවා. මේ අතර ගාලු මුවදොර විරෝධතාවයට අදට දින විසි අටයි.

වත්මන් රජයට විරෝධය පල කරමින් අන්තර් විශ්ව විශ්වවිද්‍යාල සිසුන් ඊයේ පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළා.

විරෝධතාකරුවන් මර්දනය කිරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරත් ඔවුන් තවමත් එම ස්ථානයේ රැඳී සිටිනවා.

ඒ අනුව ඊයේ රාත්‍රීයේදී පාර්ලිමේන්තුව අසල හොරු ගෝ ගම නමින් ගම්මානයක් ඉදි කිරීමටයි ඔවුන් කටයුතු කළේ.

මෙම ගම්මානයට විවිධ පුද්ගලයින් ස්ව කැමැත්තෙන් ජලය, ආහාර ලබා දෙමින් මේ තරුණ පරම්පරාවට ශක්තියක් වෙනු දක්නට ලැබෙනවා.

මේ අතර ගාලු මුවදොර විරෝධතාවය අද විසි අට වන දිනටත් ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version