ගෑස් නෑ පෝලිම්වල ඉන්න එපා – ලිට්‍රෝ සමාගම

ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් තොග නොමැති බව ලිට්‍රෝ සමාගම පවසනවා.


ඒ අනුව ගෑස් සිලින්ඩර නිකුත් කරනු ලබන්නේ කර්මාන්ත හා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවත් ඒ හේතුවෙන් ගෑස් පෝලිම්වල නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි එම සමාගම  සඳහන් කළේ.


මේ අතර ගෑස් නෞකා දෙකක් සඳහා අද (09) දිනයේ අමෙරිකානු ඩොලර් මිලියන 7 ක් ගෙවීමට නියමිතව ඇති අතර එම නෞකා දෙක සිකුරාදා සහ සෙනසුරාදා මෙරටට පැමිණෙනු ඇති බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Exit mobile version