දේශබන්දු තේන්නකෝන්ට මානව හිමිකම් කොමිසමෙන් සිතාසි

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේන්නකෝන් මහතාට හෙට (13) දිනයේ ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබෙනවා.

පසුගියදා සිදුවු ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී නිරීක්ෂණය කරන ලද කරුණු අනුව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිතාසි නිකුත් කිරීමට තීරණය කළ බවයි මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ.

ගැටුම්කාරී තත්ත්වය අතරතුර පිරිසක් විසින් දේශබන්දු තේන්නකෝන් මහතාට පහර දීමක් සිදුකළ අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අධිකරණය ඉදිරිපත් කිරීමද සිදුවිය. සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගාලු මුවදොර ගැටුම්කාරී අවස්ථාවේ කටයුතු කළ ආකරය පිළිබද දැඩි අප්‍රසාදය පළ කරන ලදී.

Exit mobile version