51වැනි උදා ගම්මානය ජනතා අයිතියට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්

අද (26) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර, වැලිගම මිදිගම ඉදිකළ 51වැනි උදා ගම්මානය ජනතා අයිතියට පැවරේ.
නව නිවාස 33කින් මෙම නව උදාගම්මානය සමන්විත වේ.
නිවාස ගම්මානය ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සමඟාමීව ප්‍රතිලාභීන් 205ක් වෙනුවෙන් විසිරි නිවාස ණය චෙක්පත් ප්‍රදානය කිරීම, ප්‍රතිලාභීන් 50දෙනෙකු සඳහා ඉසුරු පියස නිවාස ණය ප්‍රදානය කිරිම ද සිදු කෙරේ.
ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ මළු 150ක් පිරිනැමීම හා පාසල් දරුවන් සඳහා පොත් කට්ටල 55ක් පිරිනැමීම ද සිදු කෙරේ.
Exit mobile version