ගාලු මුවදොර සාමකාමී අරගලයට අදට දින 36 යි

ගාලු මුවදොර සාමකාමී අරගලයට අදට දින 36 යි. ඊයේත් විශාල ජන ගඟක් ගාලු මුවදොර අරගලයට එක්ව සිටියා.

මේ අතර ගාලු මුවදොර අරගලයේ නිරත පිරිස අතරින් නියෝජිතයින් දෙදෙනෙකුට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කැඳවීමක් සිදුකර තිබෙනවා.

පසුගිය නව වනදා ගාලු මුවදොර ආශ්‍රිතව ඇතිවූ නොසන්සුන්කාරී තත්වය හමුවේ නීතිය, ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත්වීම පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු විමසීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ එම කොමිසම හමුවට කැඳවා තිබුණා.

ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් විමසීමටයි අරගලයේ නිරත තරුණ පිරිසෙන් නියෝජිතයින් දෙදෙනෙකුට කැඳවීමක් සිදුකර ඇත්තේ.

මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට යළිත් ආරම්භ කළ විරෝධතාවයට අදට දින දෙකයි.

Exit mobile version