Home දේශීය පුවත් නීති විරෝධී ලෙස රටින් පිටවීමට තැත්කල පිරිසක් අත්අඩංගුවට‍

නීති විරෝධී ලෙස රටින් පිටවීමට තැත්කල පිරිසක් අත්අඩංගුවට‍

0
නීති විරෝධී ලෙස රටින් පිටවීමට තැත්කල පිරිසක් අත්අඩංගුවට‍

විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය වව්නතිව් කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්‍ෂක එම්.එස්. ඊබ්‍රහිම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.05.19 වන දින අළුයම 0100 ට පමණ ධර්මපුරම් ප්‍රදේශයේ දී ආගමන විගමන පනත උල්ලංඝනය කර බෝටිටුවක් මගින් රටින් පිටවීමට තැත්කල යාපනය, වව්නියාව, කිලිනොච්චිය, ධර්මපුරම් යන ප්‍රදේශ වල පදිංචි පිරිමි පුද්ගලයින් නව දෙනෙකු හා එක් කාන්තාවක් ඇතුලුව 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එසේම විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ පොලිස් පරීක්‍ෂක ටි.එම්.එම්.යු.කේ.බි. තෙන්නකොන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.05.19 වන දින අළුයම 0130 ට පමණ පුදුකුඩිරිප්පු මුහුදු වෙරළේ දී ආගමන විගමන පනත උල්ලංඝනය කර බෝටිටුවක් මගින් රටින් පිටවීමට තැත්කල ත්‍රිකුණාමලය, කිරාන්කුලම්, කුඹුරුපිඩ්ඩි යන ප්‍රදේශ වල පදිංචි පිරිමි පුද්ගලයින් අට දෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු ඇතුලුව 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version