එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබු වෙලින් නැමැති නෞකාව ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කරයි

යුද සමයේ මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ මිළ අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබු වෙලින් නැමැති නෞකාව ද ඊයේ (26) මීගමුවට ආසන්න බටහිර මුහුදු ප‍්‍රදේශයේ ගැඹුරු මුහුදේ ගිල්ලවා විනාශ කළ බව නාවික හමුදාව පවසයි.

මේවායේ සවිකර තිබු සන්නිවේදන උපකරණ ඇතුළු විටනා කොටස් ගලවා ඉවත් කිරීමෙන් පසු මෙලෙස ගිල්වා දැමු බවයි සඳහන් වන්නේ.

ජනාධිපති කාර්යාල විසින් නාවික හමුදාව වෙත ලබාදුන් මෙම වාහන නාවික හමුදාවට අයත් භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක පටවා එම නෞකාව ද ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් සියළු වාහන මෙලෙස ගිල්වා දැමු බවද නාවික හමුදාව සඳහන් කරයි.

Exit mobile version