ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වන වාර්ෂික මහා සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (26) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වන වාර්ෂික මහා සමුළුව අමතමින් පැවසුවේ,

දේශපාලන කරළියේ සිදුවීම්වලට වඩා රටේ සංවර්ධනය, ආර්ථිකය යහපත්ව පවත්වාගෙන යාම සහ එක් එක් විෂය ක්ෂේත‍්‍රයන් තුළ තමන්ගෙන් ඉටුවිය යුතු වගකීම් ඉහළම කැපවීමකින් ඉටුකිරීම පිළිබඳ රාජ්‍ය සේවයේ සියලුදෙනාගේ අවධානය යොමුවිය යුතු බවයි.

රටේ සංවර්ධනය සහ රටේ ආර්ථිකය නගා සිටුවීමන් ජනතාවට සමෘද්ධිමත් ජීවන තත්ත්වයක් උදාකරදීම සඳහා සියලුදෙනාගේ සාමුහික කැපවීම මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා පරිපාලන සේවයේ සියලුදෙනා ද ඒ වෙනුවෙන් වගකීම් ඉටුකරනු ඇතැයි විශ්වාසය පළ කළේය.

සංගමයේ නව සාමාජිකයින් පත්කර ගැනීම ද මෙහිදී සිදු කෙරුණු අතර එහි නව සභාපති ලෙස ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ නව ලේකම් ලෙස රෝහණ ද සිල්වා මහතා පත්කර ගනු ලැබීය.

Exit mobile version