අද සහ හෙට සෞඛ්‍ය වෘත්තීය සමිති අටක් වර්ජනයේ

ඉන්ධන නැති වීමත් සමඟ සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද සහ හෙට වර්ජනයේ නිරත වනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු වෘත්තීය සමිති අටක් මෙලෙස වර්ජනය ආරම්භ කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ක්රකෂ කළේ.

හෙට දිනයේ ඉන්ධන ලැබුණේ නැත්නම් සඳුදා සිට අඛණ්ඩව වර්ජනයේ නිරත වීමටයි වර්ජකයින් තීරණය කර ඇත්තේ.

මේ අතර ඉන්ධන ගැටලුවත් සමඟ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද අගමැතිවරයාට සංදේශයක් භාරදීමට නියමිතයි.

ඒ වෘත්තීය සමිති විස්සක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්.

Exit mobile version