රුපියල් කෝටි තුනකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.07.10 වන දින උදෑසන, රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04, ග්‍රෑම් 329 ක් ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක් තුල ඉතා සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහණය කරමින් සිටි වයස අවුරුදු 35 ක මන්නාරම, චාවකට්ටු ප්‍රදේශයේ පදිංච් පුද්ගලයකු වත්තල, හැඳල, ඇලකන්ද පාරේ දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

Exit mobile version