වැල්ලවාය නෙටොල රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙටොල රක්ෂිතයේ ඊයේ (27) රාත්‍රියේ සිට විශාල ගින්නක් හටගෙන තිබේන බවයි වාර්තා වන්නේ.

ගින්න මේ වන විටත් රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර ගින්න නිසා රක්ෂිතයේ අක්කර 50 කට වඩා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

පවතින වියලි කාලගුණය සහ දැඩි සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර යන බවයි සඳහන් වන්නේ.

Exit mobile version