Home ක්‍රීඩා පුවත් පාකිස්තාන ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරඟය අද

පාකිස්තාන ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරඟය අද

0
පාකිස්තාන ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරඟය අද

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායයම අතර දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (24) ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව අද පෙරවරු 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත් වෙනවා.

මෙම තරඟයේදී ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 162 වැනි ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතයි. එමෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්සේ 100වන ජාත්‍යන්තර ටෙස්ට් තරගය වේ.

අද පැවැත්වෙන තරඟය සඳහා ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් අවසන් ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද කැදවා ඇති බවයි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඊයේ (23) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ.

මෙම තරගය සජීවීව Siytha TV ඔස්සේ ඔබට නැරඹිට හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version