සිව්වන එන්නත් මාත්‍රාව ලබාගන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

පසුගිය දින 10ක කාලසීමාව තුළ දෛනික කොවිඩ් රොගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයිද, ඊට සාපේක්ෂව කොවිඩ් මරණ වල යම් වැඩිවීමක් දක්නට ඇතැයිද අවධාරණය කළ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා, වයස අවුරුදු 20ට වැඩි පළමු වර්ධක මාත්‍රාව (තෙවන මාත්‍රාව) ලබාගත් අය දෙවන වර්ධක මාත්‍රාව (04 වන මාත්‍රාව) ලබාගන්නා ලෙසද වැඩිදුරටත් සඳහන් කළේය.

වෛද්‍යවරයා මේ බව සදහන් කළේ, අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී “කොවිඩ් උවදුර ඉවර නෑ.. තවදුරටත් දැනුවත්වෙමු ”යම මැයෙන් පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අඳහස් දක්වමිනි.

Exit mobile version