අගෝස්තු 01 සිට නව පාසල් බස් රථ සේවයක්

පාසල් සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් එළඹෙන අගෝස්තු 01 වන දා සිට නව පාසල් බස්‍ රථ සේවාවක් ආරම්භ කරන බව ජාතික ගමනානමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසයි.

පාසල් ළමයින් සඳහා නව බස් රථ සේවාවක් හඳුන්වා දීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

ඒ අනුව එළඹෙන සඳුදා සිට නව සේවාව සඳහා බස් රථ 40 ක් පමණ යෙදවීමට සැළසුම් කර තිබේ.

පාසල් දරුවන්ගෙන් අය කරනුයේ සාමාන්‍ය බස් ගාස්තුව පමණයි. පළමු අදියර යටතේ බස්නාහිර පළාතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

Exit mobile version