කොවිඩ් රෝගීන් තවදුරටත් ඉහළට

ඔමීකෝන්, බී ඒ 5, උප ප්‍රභේදය රට පුරා පැතිර යාමත් සමඟ දෛනික කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිත රෝගීන් එකසිය අට දෙනෙකු තහවුරු වුණා.

කොවිඩ් ආසාදිත මරණ තුනක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළා.

අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනයේදී.

ඒ අනුව පවතින කොවිඩ් අවදානම හමුවේ මුව ආවරණ නිරන්තරයෙන් පැළඳීම, දෑත් විෂබීජහරණය කිරීම සේම, නියමිත එන්නත් මාත්‍රා ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

විශේෂයෙන්ම එන්නත් මාත්‍රා ලබා නොගත් පුද්ගලයින්ට, නොයෙකුත් රෝගාබාධ ඇති අයට, ඒ වගේම වැඩිහිටි පුද්ගලයින්ට මේ රෝගය වැළඳුනොත්, අසාධ්‍ය වීමට ඇති ඉඩකඩ වැඩියි.

එම නිසා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකියි.

Exit mobile version