තවත් ඩීසල් නෞකාවට මුදල් ගෙවයි

පසුගිය දහසය වනදා මෙරටට පැමිණි ඩීසල් නෞකාවට මුදල් ගෙවා නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම වසරකට ගුවන් යානා ඉන්ධන ලබා දීමේ ගිවිසුමක් ප්‍රකාරව ලැබෙන පළමු ගුවන් යානා ඉන්ධන තොගය එළඹෙන දොළහ සහ දාහතර යන කාලයේදී මෙරටට ලැබීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර අදත් QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීම සිදු වුනා.

Exit mobile version