සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ පොදු යෝජනාවලිය අද සියලු පක්ෂ වෙත භාරදීමට නියමිතයි

සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා පසුගිය දිනවල ප්‍රධාන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාකච්ඡා සිදුකළා.

එහිදී එක් එක් දේශපාලන පක්ෂ විවිධ යෝජනාවලින් සැදුම්ලත් අවසන් යෝජනා මාලාවක් පොදුවේ අද දේශපාලන පක්ෂ වෙත ලබා දීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට සමගි ජන සන්ධානය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පක්ෂ දහයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ ද සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර තිබෙනවා.

ජාතික ජන බලවේගය සමඟත්, මේ සතිය ඇතුලත ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සාකච්ඡා සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟත්, ජනාධිපති තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා මීට පෙර ඉල්ලා සිටියේ.

Exit mobile version