මන්කිෆොක්ස් පරීක්ෂණ ඇරඹෙයි

මෙරට තුල මන්කිෆොක්ස් ආසාදීතයින් ඇත්දැයි සොයා බැලීම සඳහා අද සිට පරීක්ෂණ ආරම්භ කිරීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ඒ සඳහා වන පරීක්ෂණ කට්ටල එකසිය විසි පහක් පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබුණා.

ඒ අනුව අදාළ පරීක්ෂණ කට්ටල බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට හා මහනුවර මහ රෝහලට ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ වන තෙක් මෙරටින් කිසිඳු මන්කිෆොක්ස් ආසාදිතයෙකු වාර්තා වී නැහැ.

වඳුරුඋණ රෝගීන් ලොව රටවල් අසූඅටකින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව වාර්තා වී ඇති සමස්ත වඳුරු උණ රෝගීන්ගේ සංඛ්‍යාව විසි අටදහස් හත්සිය අසූ එකක්.

සිදුව ඇති මරණ සංඛ්‍යාව එකොළහක්.

Exit mobile version