ශ්‍රී ලංකා මහ බැංකුවේ ආයතනික වෙබ් අඩවියට නව මුහුණුවරක්

මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අතින් නව්‍යකරණය කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ ආයතනික වෙබ් අඩවිය නව මුහුණුවරකින් දියත් කෙරේ.

නව වෙබ් අඩවියේ විශේෂාංග අතරට වැඩි තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් වීම, භාවිතයේ පහසුව, ජංගම දුරකථන ඔස්සේද ප්‍රවේශ වීමේ හැකියාව හා සක්‍රීය සමාජ මාධ්‍ය සම්බන්ධතාවක් ලබාදීම ආදී පහසුකම්ද අයත් වන බව මහ බැංකුව පවසයි.

සරල මුහුණුවරකින් යුතු මෙම වෙබ් අඩවියෙන් කාර්යක්ෂම හා වේගවත් අයුරින් තොරතුරු වෙත ප්‍රවේශ විය හැකි බැවින් වෘත්තීයවේදීන්, මහජනතාව සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙතද වඩාත් පහසුවෙන් එය පරිශීලනය කළ හැක.

Exit mobile version