ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ නොබැඳි පිළිවෙතක් – බන්දුල ගුණවර්ධන

චීන රජයට මෙන්ම ඉන්දියානු, පකිස්ථාන් සහ ඇමරිකන් රජයන් සම්බන්ධයෙන්ද ලංකාව අනුගමනය කරන්නේ නොබැඳි පිළිවෙතක් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී චීන නෞකාවක් මෙරටට ළඟාවීම සම්බන්ධයෙන් සිදුකළ විමසුමේදී අදහස් දක්වමිනි.

අප රටෙහි ජාත්‍යන්තර වශයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයත්, ආණ්ඩුවත් සියලුම රටවල භෞමික අඛණ්ඩතාවයට සහ ස්වෛරීත්වයට ගරු කරමින් රටවල් අතර පවත්නා මිත්‍ර සම්බන්ධතා පලුදු වීමට ඇති ඉඩ ප්‍රස්ථා හැකිතාක් අවම කරමින් ජාත්‍යන්තර කටයුතු මෙහෙයවන බව අමාත්‍යවරයා කියා සිටියේය.

Exit mobile version