සුළං බල මෙහෙයුම දියත් කිරීමේ උත්සවය අප්‍රේල් මස 06 වන දා

ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාවය ඇති කිරීම සඳහා සහ රටේ බලශක්ති ස්වයංපෝෂිතතාවය ළඟා කර ගැනීමේ දිගු කාලීන ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීම සඳහාත් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර ප්‍රවර්ධනය කිරීම රජයේ අරමුණයි.

ඒ අනුව සුළං බල මෙහෙයුම දියත් කිරීමේ උත්සවය අප්‍රේල් මස 06 වන දින පෙරවරුවේ හම්බන්තොට බරුතන්කන්දේ දී සිදුකෙරේ.

විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසුවේ විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාර්ගෝපදේශකත්වයෙන් ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සුළං බල මෙහෙයුම දියත් කිරීමට නියමිත බවයි.

Exit mobile version