වරකාපොල ප්‍රදේශයේදී අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

වරකාපොල ප්‍රදේශයේදී අත්බෝම්බයක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කෑගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරීන් විසින් නීති විරෝධී මත්පැන් වැටලීම සඳහා ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී අත් බෝම්බය සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙහිදී නීති විරෝධී ම්තපැන් ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොල, ඇත්නාවල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකි.
සැකකරු අද (29) වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වරකාපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Exit mobile version