Home දේශීය පුවත් බොරතෙල් ගොඩබෑමේ කටයුතු අද පස්වරුවේ

බොරතෙල් ගොඩබෑමේ කටයුතු අද පස්වරුවේ

0
බොරතෙල් ගොඩබෑමේ කටයුතු අද පස්වරුවේ

මේ අතර පසුගිය දහතුන් වනදා රාත්‍රීයේ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගෙන දිවයිනට ළඟා වූ රුසියානු බොරතෙල් නැවේ ගොඩබෑමේ කටයුතු අද පස්වරුවේ ආරම්භ කිරීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

අදාළ බොරතෙල් නැවේ ගොඩබෑමේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව තාවකා වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට නියමිත බව ද බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර තවත් රුසියානු බොරතෙල් නැවක් එළඹෙන විසි තුන සහ විසි නමය අතර කාලයේදී දිවයිනට ළඟා වීමට නියමිත බවයි පසුගියදා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

බොරතෙල් නැවේ ගොඩබෑමේ කටයුතු මේ වන තෙක් සැලසුම් කර හෝ නැති බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version