අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එජාපය ඒකමතිකව තීරණය කරයි

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව තීරණය කළේය.

ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද ‍රැස්වූ අවස්ථාවේදීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය පරාජය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

මීට අමතරව පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මාස දෙකක් තුළ සිදුකිරීමටද එහිදී තීරණය කර ඇත.

Exit mobile version