‘වෝන්ඩර් වුමන්’ චිත්‍රපටයේ දෙවැනි කොටස

ජනප්‍රිය හොලිවුඩ් සිනමා නිළි ගාල් ගැටොඩ් රංගනයෙන් දායක වූ ‘වෝන්ඩර් වුමන්’ චිත්‍රපටයේ දෙවැනි කොටස එළැඹෙන ජුනි මාසයේදී රූගත කිරීම් ආරම්භ කරන්නට සැලසුම් කර තිබෙන බව සඳහන් වේ. උතුරු වර්ජිනියා හා කොළොම්බියා නගරවලදී මෙම චිත්‍රපටයේ රූගත කිරීම් කරන්නට මේ වන විට සැලසුම් කර තිබේ.

පළමු චිත්‍රපටයට වඩා වෙනස් කතා පුවතක් රැගත් මෙම චිත්‍රපටයේ ‘වොන්ඩර් වුමන්’ චරිතයට ගාල් ගැටොඩ් පණ පොවයි. තවද මේ සඳහා සඳහා ‘මාවල්’ සුපිරි චරිතයක් ද එක් කර ගැනීමට නිෂ්පාදකවරුන් බලාපොරොත්තුවෙන් පසුවන බවද වාර්තා වෙයි.

source: saaravita.lk

Exit mobile version