සා/පෙළ විභාගයේ විෂයන් 9ටම A9ක් ලබාගත් සිසුන් සංඛ්‍යාව 9960ක්

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, ප්‍රතිඵල නිකුත් වූ 2017 සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 9ටම A9ක් ලබාගත් සිසුන් සංඛ්‍යාව 9960ක් බවය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දෙස බලද්දී, කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් නොවෙයි, සෙසු දිස්ත්‍රික්කවලද ඉහළ ප්‍රතිඵල වාර්තා වනවා. සමස්ත ප්‍රතිඵලය දෙස බැලීමේදී 2016 වර්ෂයට සාපේක්ෂව 69% සිට 73% දක්වා එය වැඩි වී ඇති අයුරු දැකිය හැකියි. ගණිතය විෂයට අදාළ ප්‍රතිඵලය 62% සිට 67% දක්වාත්, විද්‍යාව 66% සිට 73% දක්වාත්, ඉතිහාසය සහ ඉංග්‍රීසි 47% සිට 51% දක්වාත්, සිංහල භාෂාව හා සාහිත්‍යය 87% සිට 90% දක්වා මෙන්ම දෙමළ භාෂාව හා සාහිත්‍යය 78% සිට 88% දක්වාත් ප්‍රතිඵල ප්‍රතිශතාත්මකව වැඩි වී තිබෙනවා. එමෙන්ම ‘A’ සමාර්ථ 9ක් දිනාගත් සිසුන් සංඛ්‍යාව 2016 වර්ෂයට සාපේක්ෂව මෙවර ඉහළ අගයක් ගන්නවා. එම සංඛ්‍යාව 9960ක්.

Exit mobile version