විකෘති කරන ලද මුදල් නෝට්ටු හුවමාරු කිරීමේ සේවාව අඛණ්ඩව

2018.03.31 දිනෙන් පසු සිතා මතා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු හුවමාරු කිරීමේදී සාමාන්‍ය මහජනතාව මුහුණ දෙන අපහසුතාවයන් හා ඔවුන්ගේ බලවත් ඉල්ලීම සැලකිල්ලට ගනිමින් එවැනි මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් හුවමාරු කිරීමේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර තිබේ.

ඒ අනුව, එවැනි මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන කාර්යාලයට හෝ අනුරාධපුරය, මාතලේ, මාතර, ත්‍රිකුණාමලය, නුවරඑළිය, කිලිනොච්චියෙහි පිහිටුවා ඇති ප්‍රාදේශීය කාර්යාලයක් වෙත භාර දෙන ලෙස හෝ එම මුදල් නෝට්ටු පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ එවන ලෙස මහජනතාව වෙත මෙයින් දැනුම් දෙමු.

තවද, අත්වැරදීමකින් කුඩා ඉරක් හෝ තිතක් වැනි සළකුණක් සටහන් වී ඇති ව්‍යවහාර මුදල් නෝට්ටු සිතා මතා විකෘති කරන ලද මුදල් නෝට්ටු ලෙස නොසලකන අතර එවැනි මුදල් නෝට්ටු ගනුදෙනු සඳහා තවදුරටත් භාවිතා කළ හැකි බවද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත මෙයින් දැනුම් දෙයි.

Exit mobile version