ශ්‍රී ලංකාව අද පාකිස්තානයට එරෙහිව තරඟ බිමට

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ අවසන් තරඟය අද (09) පැවැත්වෙනවා.

ඒ අනුව අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර මෙම තරඟය පැවැත්වෙනවා.

මේ වන විට කණ්ඩායම් දෙකම තරඟ තුන බැඟින් ජයගෙන ඇති අතර පරාජයට පත්ව ඇත්තේ තරඟ දෙකක් පමණයි.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ඩුබායිහිදී ආරම්භවීමට නියමිතයි.

Exit mobile version