ඉයන්, ෆ්ලොරීඩාවලට කඩා වදී

ඉයන් සුළි කුණාටුවෙන් අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර 250 ක වේගයෙන් හමා යන බවයි වාර්තා වන්නේ.

සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා අවට මුහුදේ බෝට්ටුවක් අතුරුදන්ව තිබෙනවා.

එම අවස්ථාවේ පුදගලයින් 23 දෙනෙකු එහි සිට ඇති අතර තිදෙනෙකු බේරා ගත් බව විදෙස් මධ්‍යයේ සඳහන්.

Exit mobile version