අද අර්ධ සූර්යග්‍රහණයක්

අර්ධ සූර්යග්‍රහණයක් දැකගැනීමේ අවස්ථාව අද (25) පස්වරුවේ ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

මෙම අර්ධ සූර්යග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව, මැද පෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශ බොහෝමයකට දිස්වෙයි.

මේ අතර මෙම අර්ධ සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයට හොදින්ම දිස්වන බවද මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

Exit mobile version