යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට පීඩා වන ආකාරයට කටයුතු කළ පුද්ගලයින් 9 දෙනෙකු අද තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට නිලධාරීන් 7 දෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුව තිබෙනවා.
නිලධාරීන් පිලිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට අමාත්‍යංශ ලේකම් චන්ද්‍රා හේරත් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.