ලොව අපිරිසිදුම මිනිසා මියයයි

ලොව අපිරිසිදුම මිනිසා මියගොස් තිබෙනවා.

ඔහු ඉරාන ජාතිකයෙක්.

මියයන විට ඔහු 94 වියේ පසුවූවා.

අමුහාජි නම් මෙම පුද්ගලයා වසර 50කට වැඩි කාලයක් සබන් සහ ජලය භාවිතය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව අමුහාජි දශක ගණනකට පසු පළමු වරට ඇඟ සෝදා පිරිසිදු වී ඇත්තේ පසුගිය මාසයේ.

මොහු මෙලෙස සබන් සහ ජලය ප්‍රතික්ෂේප කිරීමට හේතුව වී ඇත්තේ තමන් ලෙඩ රෝගවලට ගොදුරු වේ යන බිය නිසයි.

පසුගිය දින කිහිපයේම අසනීප වී සිටි අමුහාජි ඊයේ දින මියගොස් තිබෙනවා.

Exit mobile version